අවාරේ සිරිපා 2024

සොබාදහමට ආදරය කරන්නන් ලෙස හරිත මිතුරු සංගමය වන අපි 2024 දෙසැම්බර් මස අවාරේ සිරිපා කරුණා කලෙමු.මෙම වර්ෂය සුභ කටයුත්තකින් අවසන් කිරීමේ අරමුණ පෙරටු කරගෙන අපි සිරිපා අඩවිය පිරිසිදු කිරීමේ වැඩසටහන මෙවරත් පැවැත්වෙමු.
ශ්‍රී පාදය යනු ශ්‍රී ලාංකිකයන්වන අපටම ආවේණික වූ සිද්ධස්ථානයකි. එය රැක ගැනීම අප සතු වගකීමක් බව අප අමතක නොකල යුත්තකි.ශ්‍රී පාද කන්දට ප්‍රවේශ විය හැකි මංපෙත් 6 කි.එනම් රත්නපුර-පලාබද්දල,හැටන්-නල්ලතන්න්නි,කුරුවිට-එරත්න,මුරේවත්ත-මුකුවත්ත සහ මලම්බොඩය.බොහෝ වන්දනා කරුවන් ගමන් කරන්නේ හැටන් හරහා නැග රත්නපුර හරහා බැසීමයි. මෙවර හරිත මිතුරු අපි කුරුවිට-එරත්න මාර්ගය ඔස්සේ යාමට තීරණය කලේ සොබාදහමේ සුන්දරත්වය විදීමේ සිතුවිල්ල පෙරදැරි කරගෙනයි.
දෙසැම්බර් 7 වන දින අලුයම 3ට පමණ 52 කින් යුතු අප සියල්ලෝම විශ්වවිද්‍යාලය ඉදිරිපසට රැස් වූයේ ගමනට අවශ්‍ය සියලුදෑ රැගෙනයි.බසයට නැගීමට පෙර සංගමයේ ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන් අප සියල්ලෝම එක් කරගෙන ගමන සඳහා උපදෙස් ලබාදිය.පසුව බස් රථයට නැගගත් සියල්ලෝම ගමන ආරම්භ කරන ලදි.උදෑසන 7ට පමණ කුරුවිට-එරත්න මාර්ගය ආරම්භක ස්ථානයට ලගා විය.උදෑසන ආහාරය ගත් අපි නඩය Head,Middle හා Tail ලෙස කණ්ඩායම් 3 කට බෙදී ගමන ආරම්භ කලෙමු.
සිරිපා කරුණා කරන මාර්ග අතරින් වඩාත් අලංකාර සහ පරිසර සුන්දරත්වයෙන් පිරුණු කුරුවිට-එරත්න මාර්ගය තරණර කිරීම මදක් අසීරු බව අපට වැටහුණි.නමුත් එහි සුන්දරත්වය අපගේ විඩාව නිවීමට සමත් විය.ගස් වැල් වලින් පිරුණු මෙම මාර්ගය ඔස්සේ ඇදුනු අප නඩය කුඩා ජල කඩිති වල සිසිල විඳගත්තෙමු. අලංකාර දියඇලි කීපයක් අප නෙත ගැටුනු අතර වැසිබර කාලගුණ තත්ත්වයක් තිබූ බැවින් කුරුල්ලන් වළි කුකුලන් මෙවර සැගවී සිටින බවක් අපට දැනුනි.ජම්බෝල ගහයට අම්බලම පසු කල අපි සියල්ලොම ඩයිමන්ගල අම්බලමේ මදක් විවේක ගත්තෙමු. මීලගට අපට හමුවූයේ විශේෂ තැනකි. එය රට බලන ගල නම් විය. රට බැලීමට හැකි ,එනම් කොලඹ දැක ගනීමට හැකි බැවින් එම ගලට රට බලන ගල ලෙස නම් පට බැදුනි. දහවල් 12ට පමණ සීත ගගුල අම්බලමට ගොඩ වු අපි එහි දිවා ආහාරය ගත්තෙමු. එහිදි Y ආකාරයකට සීත ගගුල ගලන බැවින් තුන්මොදර නමින් ද එම ස්ථානය හදුන්වයි. ලණුවක උපකාරයෙන් සීතගගුල තරණය කල අපි සුපුරුදු ලෙස නැග්මකින් ගමන ආරම්භ කලෙමු. දැරණියගල-උඩමලිගොඩ හන්දියෙන් දකුණට ගමන් කල අපි ගෙත්තම්පහනට ළගා විය. අප නඩයේ සිටි කෝඩුකාරයන් එහිදී පඩුරු නූල් ඉදිකටු ගැටගසා චාරිත්‍ර ඉටු කිරීමට අමතක නොකළේය. එහිදි අපට ශ්‍රී පාද මලුව දැකගැනීමට ද හැකියාව ලැබුණි. සීග්‍ර නැග්මකින් වෙහෙසට පත්ව සිටි අපි හැරමිටිපාණ අම්බලමට ළගා වන විට සවස 6 පමණ වී තිබුණි. කෝපි කොප්පයක් සමග ගමන් විඩාව නිවු අප රාත්‍රි ආහාරය ලෙස ගනු ලැබුවේ අප නඩයේ ජ්‍යෙෂ්ඨයන් අතින් පිසින ලද රසවත් ක්ෂනික නූඩ්ල්ස් ය. හිසේ සිට දෙපතුල දක්වා රෙදි වලින් පොරවගෙන නින්දට ගියෙ අලුයම නැවත ගමන අරම්භ කරන සිතුවිල්ලෙනි.
උදැසන 3ට අවදි වී අපි සියලු බඩු බාහිරාදිය ලකලැස්ති කරගෙන සිරිපා කන්ද මුදුනට පිය නැග්ගෙමු. විදුලි පන්දම් ආලෝකයෙන් අප ඉදිරියට ඇදුනෙ සීතල මීදුම් මැද්දෙනි. ඉර සේවය බැලීමට දැඩි උවමනාව නිසාවෙන් උත්තම ශ්‍රී පාදය අසලට උදෑසන 6 පමණ වන විට ලගා වීමට හැකි විය. පිරිසිදු සිතින් සිරි පතුල වැදගත් අපට උදෑසන ආහාරය ගැනීමට හැකි විය.ශ්‍රී පාදය දුටු විගස ,දවස් දෙකක් පුරාවට ආ ගමනෙ වෙහෙස අමතකමව වී ගිය බව කිව යුත්තකි. එහිදි අප නෙත ගැටුනේ ,මිල කල නොහැකි ඉතාමත් සිත් ගන්නා සුලු දසුනකි. සිසිල් සුලං ධාරා අප ගත වෙලා ගත්තේ පුලුන් වැනි වලාකුලු අපව වට කරගනිමිනි. හෝරා කිහිපයක් එහි ගත කරමින් මතකයන් එක් රැස් කරගත් අපි , සිරිපා අඩවිය පිරිසිදු කිරීමේ වැඩසටහන අරම්භ කලෙමු. හැටන් මාර්ගය ඔස්සෙ බසිමින් ඒ අවට පරිසරයේ තිබු කුණු කසල අප කඩි මුඩියේ එකතු කරගත්තෙමු. ශ්‍රී පාදය නම් උතුම් ශුද්ධ භූමිය මිනිසා විසින් මෙතරම් අපිරිසිදු වන්නෙ කෙසේ දැයි අපිට නැගුනු ගැටලුවකි. මෙලෙස එක් රැස් කල කුණු ගෝනි එකින් එක රැගෙන සියල්ලෝම සිරිපා කරුණා ආරම්භක ස්ථානය අසල තිබු බස් රථයට ගොඩ වන විට දහවල් 2 පමණ විය. වෙහෙස තුනී කරගැනීමට අප අසල තිබු ගගක සීත ජලයෙන් ගත සනසවා ගත්තෙමු.
සවස 5ට පමණ නල්ලතන්නියෙන් පිටත් වු අප රැගත් බස් රථය මොරටුව විශ්වවිද්‍යාලය අසලට ලගා වන විට රාත්‍රි 11.30 පමණ විය. තරමක් දුශ්කර වූවත් සියලු දෙනාගේම සහයෝගයෙන් සුන්දර අවාරේ සිරිපා වැඩසටහන නිමා කලෙ ඉදිරියේදිත් මෙවන් වැඩසටහන් ගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.